|
විදෙස්
|
|
2010 මාර්තු 07 වෙනි ඉරිදා, 17:45 |
|
චිලි හී සාගර විද්‍යා ආයතනයේ ප‍්‍රධානියා සේවයෙන් පහ කෙරේ. එරටට බලපෑ රිච්ටර් මාපක 8.8 ක භූ කම්පනයෙන් පසු ඇති වූ සුනාමි තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමට අපොහොසත් වීම ඔහු සේවයෙන් පහ කිරීමට මූලික වී ඇත. මෙම ආයතනයේ පරිපාලනයෙන් අඩක් එරට නාවික හමුදාව යටතේ පවතින බව ඒජන්සි වාර්තා සඳහන් කරයි. ඒ අනුව සිද්ධිය පිළිබඳව චිලී හි නාවික හමුදාවද විශේෂ පරික්‍ෂණයක් ආරම්භ කර තිබේ. මේ අතර චිලී රාජ්‍යයට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 800 ක් බව මීට පෙර ප‍්‍රකාශ කළද එම සංඛ්‍යාව 452 දක්වා අවම වි ඇති බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි. කෙසේ වෙතත් තවත් බොහෝ පිරිසක් අතුරුදන් වී ඇති බව සහන සේවකයෝ පවසති.
 |