වීදියේ සටන් කරුවා සමුගනී පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
දේශීය
2009 නොවැම්බර් 01 වෙනි ඉරිදා, 20:22
ශ්‍රී ලංකාවේ වීදි නාට්‍ය කලාවේ පියා ලෙස සැලකෙන ගාමිණී හත්තොට්ටුවේගම කලාකරුවා අද ජනතා සෝ සුසුම් මැද දැයෙන් සමුගත්තේය. ඒ මහතා පසුගිය සිකුරාදා (30) අභාවප්‍රාප්ත වූයේ කලක් රෝගාතුරව සිටීමෙන් පසුවය. ගාමිණී හත්තොට්ටුවේගම මහතා 1974 සිට නාට්‍ය කලාවේ නියැලුණු අතර වීදි නාට්‍ය කලාව ශ්‍රී ලංකාවට හදුන්වාදී ප්‍රචලිත කළේ ඔහුය. හත්තොට්ටුවේගම මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සහ කැළණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කළේය.
 
අද උදෑසන මහජන ගෞරවය සදහා දේහය ජාතික කලාභවනට රැගෙන ආ අතර පස්වරු 2.30ට පමණ ආගමික වතාවත් ආරම්භ විය. අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ සංස්කෘතික ඇමති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ශෝක පණිවුඩ කියවනු ලැබීය. ත්‍රස්තවාදය පරදවා රට නව මඟක යන මෙවන් සමයක හත්තොට්ටුවේගම මහතාගේ අභාවය දැරිය නොහැකි පාඩුවක් බව ජනාධිපතිවරයාගේ ශෝක පණිවුඩ‍යේ සදහන් විය. කලාකරුවන් වෙනුවෙන් අවමංගල සභාව ඇමතූ ප්‍රවීන රංගන ශිල්පිනී දීපානි සිල්වා මහත්මිය හැගීම්බර කතාවක් කරමින් හත්තොට්ටුවේගම මහතා පීඩිත ජනතාව වෙනුවෙන් කලාව වීදියට ගෙන ගිය අභීත කලාකරුවකු බව පැවසීය. ඥාතීන් වෙනුවෙන් ස්තුති කතාව කළ හත්තොට්ටුවේගම මහතාගේ පුත්‍රයා ප්‍රකාශ කළේ කලාභවන අවට සුදු කොඩි ඔසවා ඇති මුත් සිය පියා කැමැත්තෙන් සිටියේ රතු කොඩි ඔසවා තැබීමට බවයි. ‍
 
කලාකරුවන්, හත්තොට්ටුවගම මහතාගේ සිසු - සිසුවියන් හා රසිකයන් ඇතුළු විශාල ජනකායකගේ සහභාගීත්වයෙන්යුතුව දේහය පාගමනින් බොරැල්ල පොදු ‍සුසානභූමියට රැගෙන යනු ලැබීය. පස්වරු 5.00ට පමණ චිතකයට ගිනිදැල්වුණු අතර වසර ගණනාවක් පොදු ජනතාවගේ හද ගැස්ම ජනතාව අතරට ගොස් රඟ දැක්වූ මහා කලාකරුවකුගේ ජීවන භූමිකාව දහසක් සෝසුසුම් මැද නිමාවට පත්විය. දේහය ආදාහනාගාරයට ඇතුළු කරද්දී විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයන් ගායනා කළ හත්තොට්ටුවේගම මහතා නිර්මාණය කළ ගීතවලින් අවට පරිසරය පිරී ගියේය. ඒ මහතා නිර්මාණය කළ රාජ්‍ය මර්ධනය හා ජනතා අරගලය ගැන කියවෙන සංවේදී ගීතයක් වා තලයට මුසුවෙද්දී ඒ අභීත කලාකරුවාගේ දේහය පිළිබද අවසන්කටයුතු සිදුවිය.
අමු අමුවේ ගොඩ ගැහුවා
වල නොදමා පිලිස්සුවා
නැවත නැවත එනවා
නැගිට නැගිට එනවා
 
06.jpg
04.jpg
alt
alt
alt
alt
alt

Comments (2)

Subscribe to this comment's feed
...
obage agaya ,awashyathawaya adata wada apata heta danewi
tamara , නොවැම්බර් 03, 2009
...
OBA KALAKIDE THULINMA WATINA KAMA LABENA SAMAJAYAKA BIHIWAN THEK ADUWAK NOTHERE.OBATA MAGE PRANAMAYA!
DS , නොවැම්බර් 01, 2009

Write comment


busy
 
                     
                       
                                               

Radio LT අහන්න...


listen with Window Media Player   listen with Winamp   listen with iTunes   listen with RealPlayer

prageethl.jpg

අතුරුදහන්වූ මාධ්‍යවේදී එක්නැලිගොඩ පිළිබද පරීක්ෂණ කඩිනම් කරනු!

Facebook

Facebook Fanbox 1.5.x.0