මී. 400 රන් පදක්‌කම සන්යාරිචර්ඩ්ස්‌ට පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ක්‍රීඩා
2009 අගෝස්තු 20 වෙනි බ්‍රහස්පතින්දා, 10:50

altජර්මනියේ බර්ලින් නුවර දැන් ක්‍රියාත්මක වන 12 වැනි ලෝක ශූරතා (ජ්‍යෙෂ්ඨ) ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ පස්‌වැනි දිනයවූ පෙරේදා (18) පැවැති මීටර 400 කාන්තා අවසන් තරගයේදීඇමරිකාවේ සන්යා රිචර්ඩ්ස්‌ එහි රන් පදක්‌කම දිනා ගත්තාය. ඇයගේතරග නිමාව තත්. 49.00 කි. අදාළ ඉසව්වේ රිදී පදක්‌කම ජැමෙයිකාවේ ෂෙරිකා විලියම්ස්‌ (තත්. 49.32) ට හිමිවූ අතර රුසියාවේ අන්ටෝනියා ක්‍රිවොෂාජකා ලෝකඩපදක්‌කම දිනා ගත්තාය. ඇයගේ තරග නිමාව තත්. 49.71 කි. මීටර 400 කාන්තා ඉසව්වේ මූලික වටය සඳහා ශ්‍රී ලංකාවේචන්ද්‍රිකා සුභාෂිණී ද ඉදිරිපත් වූ නමුදු ඇය මූලික පළමුතරගයෙන්ම ඉවතට විසිවිණි.
පෙරේදා (18) දිනය අවසන් වන විට ඇමරිකා එක්‌සත් ජනපදය රන්පදක්‌කම් 3 ක්‌ රිදී පදක්‌කම් 2 ක්‌ සහ ලෝකඩ පදක්‌කම් 2 ක්‌ලබා පෙරමුණේ පසුවිය. ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයට අනුබද්ධිත රටවල් 221 ක්‍රීඩකක්‍රීඩිකාවෝ ලෝක ශූරතා ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියනියෝජනය කරන අතර ඒ අතරින් ජැමෙයිකාව, රුසියාව, කෙන්යාව සහඑංගලන්තය අභිබවමින් ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පෙරමුණටපැමිණ සිටිති.
පසුගිය බෙයිජිං ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩාවේ සෑමඅංශයකින්ම පෙරමුණ ගත් චීනයට පෙරේදා වන විට කිසිදු රන්පදක්‌කමක්‌ දිනා ගැනීමට නොහැකි වී තිබීම සුවිශේෂී වෙයි. චීනයඑක්‌ රිදී පදක්‌කමක්‌ සහ ලෝකඩ පදක්‌කම් 2 ක්‌ දිනා පදක්‌කම්සටහනේ 13 වැනි ස්‌ථානයේ පසුවෙයි. ජැමෙයිකාව, රුසියාව, කෙන්යාව සහ එංගලන්තය රන් පදක්‌කම් 2 බැගින් දිනා සිටින අතර තවත් රටවල් 5 ක්‌ එක්‌ රන් පදක්‌කමබැගින් දිනා සිටියි. දැනට රටවල් 10 ක්‌ පමණක්‌ රන් පදක්‌කම්දිනා ගැනීමට සමත්වී ඇත.
මේ අතර පෙරේදා පැවැති රිටි පැනීමේ කාන්තා ඉසව්වේදී ඔලිම්පික්‌සහ ලෝක ශූරතා රන් පදක්‌ම්ලාභිනියක්‌ මෙන්ම එහි ලෝක වාර්තාවටහිමිකම් කියන රුසියාවේ යෙලේනා ඉසින්බෙයේවා පරාජයට පත්වීමද කැපීපෙනුණි. අදාළ ඉසව්වේදී මෙවර රන්පදක්‌කම දිනා ගන්නා ලද්දේපෝලන්තයේ ක්‍රීඩිකාවක්‌ වන ඇනා රොගොව්ස්‌කා විසිනි.
 

Comments (0)

Subscribe to this comment's feed

Write comment


busy
 
                     
                       
                                               

Radio LT අහන්න...


listen with Window Media Player   listen with Winamp   listen with iTunes   listen with RealPlayer

prageethl.jpg

අතුරුදහන්වූ මාධ්‍යවේදී එක්නැලිගොඩ පිළිබද පරීක්ෂණ කඩිනම් කරනු!

Facebook

Facebook Fanbox 1.5.x.0