
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග නිකුත් කරතිබේ.
මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාවෙත මෙම නියෝගය නිකුත් කර ඇති අතර අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට පියවර නොගතහොත් ඔහුට එරෙහිව ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 216 සහ 185 යන වගන්ති අනුව කටයුතු කරන බවට කොටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබේ.
2007 වසරේ දී කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක පාසල් සිසුන් ඇතුළු තරුණයක් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධව චෝදනා එල්ලවී තිබෙන නේවි සම්පත් හෙවත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට අධිකරණය මගහැර සැඟවී සිටීමට ආධාර අනුලබ දුන් බවට රවින්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ලවී ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ සම්පූර්ණ බලය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතාට පවතින බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී තිබේ.
Leave a Reply