මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා රුපියල් එක්‌කෝටි තිස්‌ලක්‍ෂයක (රු. 13,000,000) මුදලක් ලබාගෙන එම මුදල් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදවා (මුදල් අවභාවිතය) සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මහින්ද රාජපක්ෂ පාලන සමයේ නියෝජ්‍ය ඇමැතිවරයෙකුව සිටි සරත් කුමාර ගුණරත්න අද (3) ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවට කැඳවා ඇති බවට වාර්තාවේ.
මෙම මුදල් ලබාදී ඇත්තේ ධීවර වරාය නීතිගත සංස්‌ථාව හරහා බවද පරීක්‍ෂණවලින් හෙළිදරව් වී තිබේ.
ධීවර වරාය නීතිගත සංස්‌ථාවේ හිටපු සභාපති (සරත් කුමාර ගුණරත්නගේ දියණියේ ස්වාමිපුර්ෂයා) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකුගෙන් ජනාධිපති පරීක්‍ෂණ කොමිසම මේ වනවිටත් ප්‍රශ්න කර ඇති බවට වාර්තාවේ.
මීගමුව කලපුව සංවර්ධන සමාරම්භක උත්සවය තිබී ඇත්තේ ඉකුත් වසරේ දෙසැම්බර් 31 වැනිදාය. එම උත්සවය වෙනුවෙන් ධීවර වරාය නීතිගත සංස්‌ථාව රුපියල් එක්‌කෝටි තිස්‌දෙලක්‍ෂයක (රු. 13,200,000)මුදලක් වෙන්කර තිබිණි.
අදාළ උත්සවය වෙනුවෙන් ඉදිකළ සමරු පලකය සඳහා රුපියල් දහඅට ලක්‍ෂයක (රු. 1,800,000) මුදලක් වැයවූ බවට වාර්තාවේ තිබුණද ඒ සඳහා සැබැවින්ම වැය වී ඇත්තේ රුපියල් ලක්‍ෂ 4කටත් අඩු මුදලක් බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.
ඊට අමතරව මෙම උත්සවයේ තවත් අංග සහ විවිධ භාණ්‌ඩ මිලදී ගැනීම් වෙනුවෙන්ද රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය කළ බව ගිණුම් ගතකර තිබී ඇත.
එහෙත් මෙම මුදල වැයකර එවැනි උත්සවයක් පැවැත්වීමට ධීවර වරාය නීතිගත සංස්‌ථාව කටයුතු කර නැත.
පරීක්‍ෂණවලින් හෙළිවූයේ මෙම මුදල් වැයකර ඇත්තේ ඉකුත් ජනවාරි 4 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව නගර සභාවේ පැවැති උත්සවයක් සඳහා බවයි.
ආශ්‍රිත පුවත්
Leave a Reply