
වන අලින් විසින් කෘෂිකාර්මික ඉඩම්වල සිදුකරනු ලබන වගා හානි සඳහා වනජීවී සංවර්ධන අමාත්‍යාංශය මඟින් මෙතෙක් ගෙවනු ලැබූ වගා හානි වන්දි ක්‍රමය අහෝසි කර අභ්‍යන්තර චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව අලි මිනිස් සුරක්ෂිත කැඳවුම්කරු සුසන්ත කුමාර නවරත්න මහතා පැවැසීය.
තිරසර හා වනජීවී සංවර්ධන අමාත්‍යාංශයේ 2016 අංක 23 හා 2016/09/17 දිනැති චක්‍රලේඛය මඟින් මේ උපදෙස් ලබාදී ඇත.
වී වගාව ඇතුළු කෙසෙල්, පොල්, සෝයා, තිරිඟු ඇතුළු අතිරේක බෝග වගාවන් සඳහා අලි ඇතුන් ඇතුළු වන සතුන් විසින් සිදුකරන හානි සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් තක්සේරු කරන ලද වගා හානි වෙනුවෙන් මෙතෙක් ගෙවන ලද වන්දි ලබාදීමේ ක්‍රමවේදය අහෝසි කිරීමෙන් ගොවි ජනතාව කබලෙන් ළිපට ඇද දමා ඇතැයි සුසන්ත මහතා කියා සිටියි.
මෙරටේ සිටින වන අලින් නිසි කළමනාකරණයකට ලක්කර මිනිස් ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවට කිසිදු ස්ථිරසාර වැඩපිළිවෙළක් නොමැති තත්ත්වය අනුව විවිධ ස්වාභාවික ආපදාවන්ගෙන් මෙන්ම සතා සිවුපාවුන්ගේද දිවා රාත්‍රි වෙහෙසවෙමින් ගොවිතැන් කරන අසරණ ගොවියාට ලැබුණු සොච්චම් වන්දි මුදලද අහිමි කිරීම බලවත් අසාධාරණයක් බවත් අදාළ චක්‍රලේඛය අහෝසි කර වන සතුන්ගෙන් විශේෂයෙන් වන අලින්ගෙන් සිදුවන වගා හානි සඳහා සාධාරණ වන්දි ක්‍රමයක් ඇති කරන ලෙසද ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
Leave a Reply