
ලෝක වෘත්තීය සමිති සම්මේලනය (WFTU) අනුබද්ධිත ලෝක ගුරු වෘත්තීය සමිති සම්මේලනයේ ආසියානු කලාපිය සමුළුව හෙට (14) පෙ.ව 9.30ට කොළඹ පදනම් ආයතනයේදී ආරම්භ වීමට නියමිත බව ලංකා ගුරුසේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
මෙම සමුළුව ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් ජෝර්ජ් මව්රිකෝස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති බවත් එසේම මේ සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතා මෙන්ම, ලෝක ගුරු වෘත්තීය සමිති සම්මේලනයේ ආසියානු කලාපිය උප සභාපති හා ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගි වීමට නියමිත බවත් ධම්මික අලහප්පෙරුම මහතා දැනුම් දෙයි.
එමෙන්ම මේ සඳහා ඉන්දියාව, නේපාලය, කාම්බෝජය ඇතුළු රටවල් ගණනාවක විදෙස් නියෝජිතයින් රැසක් සහභාගි වීමට නියමිතව ඇති බවද ඒ මහතා සඳහන් කරයි.
Leave a Reply