
නව අගනිවිසුරුවරයා වශයෙන් ජනාධිපතිවරයා යොමු කළ නාම යෝජනාවට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති බව කථානායක මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා නව අගනිවිසුරුවරයා වශයෙන් පත් කිරීමට යෝජනා කර ඇති අතර එයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.
නලීන් පෙරේරා මහතා මහේස්ත්‍රාත් අධිකරණයේ සිට අධිකරණ ධූරාවලියේ ඉහළට පැමිණ ඇති අයෙකු වන අතර 2016 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්ව ඇත.
වත්මන් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද සිය ධුරයෙන් විශ්‍රාම ගැනිමට නියමිතය.
Leave a Reply