අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනකුව සිටියදී 2012 සැප්තැම්බර 27 වැනි දා අලුයම ගම්පහ ඉඹුල්ගොඩදී මියගිය රුහුණු විශ්වවිද්‍යාලයයේ පළමු වසර සිසුවකු වූ සිසිත ප්‍රියංකර සිල්වා සහ කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වූ ජනක බණ්ඩාර ඒකනායකගේ මරණය සම්බන්ධ පරීක්ෂණ සිදු කිරීමේදී පොලිසියෙන් අඩුලුහුඬුකම් සිදුවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08) ගම්පහ අතිරේක මේහ්ස්ත්රාත් ලලිත් කන්නංගර මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ.
එම සිදුන් වෙනුවෙන් පෙනිසිටින නීතීඥවරාය ඡායාරූපයක් ඉදිරිපත් කරමින් , මිය ගිය එක් සිසුවෙකුගේ නළලේ හිල් දෙකක් ඇති බව ප්‍රකාශ කර ඇත. ඔහු වැටී සිටි ස්ථානයේ උල් නොතිබූ බැවින් නළලේ හිල් දෙකක් ඇතිවූයේ කෙසේදැයි ඇය ප්‍රශ්න කර තිබේ. ඊට පිළිතුරු දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ මෙම මරණ රිය අනතුරකින් සිදු නොවූ බවට සැකයක් නැති බවට අධිකරණ වෛද්‍ය නිලධාරියා සහ රජයේ රස පරීක්ෂක වාර්තා කර ඇති බවයි.
මිය ගිය සිසුවකු පාන්දර 2.30ට පමණ පාදයක් සොලවනු දුටු බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාක්කි සම්පිණ්ඩන මගින් වාර්තා කර ඇති නමුත් උදේ 7.30 වනතුරු සිට මිනී කාරයකින් සිසුන් රෝහලට ගෙන යෑමට පොලිසිය කටයුතු කිරිම ගැන සැක සහිත බවද නීතීඥවරිය ප්‍රකාශ කර ඇත.
සිදුවීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා ඇති අතර ඒ අනුව නඩුව 2017 පෙබරවාරි 28 වැනි දාට කල් තබා ඇත.
කෙසේ නමුත් සිදුවීමට දැන් වසර ගණනාවක් ගත වි ඇති නිසා දීර්ඝ නඩු දිනයක් ලබා දුනහොත් තවදුරටත් සාක්කි විනාශ විය හැකි බැවින් කෙටි දිනයක් ලබා දෙන ලෙස නීතීඥවරිය අධිකරණයෙන් ඉල්ලා ඇති අතර නඩුව අඟහරුවාදා දිනයක යළි කැඳවන ලෙස රහස් පොලිසිය ඉල්ලා තිබේ.
ඒ අනුව 2017 පෙබරවාරි 07 වැනිදාට නඩුව කල් තැබූ මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා එදින සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
Leave a Reply