
සයිටම් අර්බුදය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ විමර්ශනය ආරම්භ කිරීමත් සමඟ සිවිල් සංවිධාන, ශිෂ්‍ය සංගම්ව, දෙමාපියන් ඇතුළු පිරිස් විසින් කෝප් කමිටුවේ සභාපතිවරයාටත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන කෝප් සාමාජිකයින්ටත් විශාල වශයෙන් දුරකතන ඇමතුම් ගලා එන්නට විය. සයිටම් ආයතනය සම්බන්ධයෙන් තමන්ටත් අදහස් දැක්වීමට කෝප් කමිටුවේ අවස්ථාවක් ලබාදෙන ලෙස දුරකතන අමතුම්වලින් ඔවුන් ඉල්ලා සිටියහ. විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය සංගම්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ දෙමාපියන් මේ ආකාරයට අදහස් දැක්වීමට අවස්ථාව ඉල්ලා සිටියහ. සියලූ දෙනාට කෝප් කමිටුවේ අවස්ථාවක් ලබාදීමට හැකියාව ඇත්දැයි කෝප් කමිටුවේ සාමාජිකයින් සමඟ සාකච්ඡා කරන බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සියලූ දෙනාට දැනුම්දීමට කටයුතු කළේය. දුරකතන ඇමතුම් ලැබුණු වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයාද කෝප් කමිටුවේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු කරන බවට ඇමතුම් ලබාදුන් පිරිසට කියා සිටියේය. මේ අතර මාර්තු 20වෙනිදා පළමු වටයේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ආයතනික විමර්ශන කමිටු සහ විෂයමාලා විමර්ශන කමිටු කෝප් කමිටුවට කැඳවීමට තීරණය කර තිබේ. මෙහිදී සයිටම් ආයතනයට උපාධි ආයතනයක් ලෙස කටයුතු කිරීමට අනුමැතිය ලබාදී තිබේද යන්නත් එසේනම් ඒ නීත්‍යානුකූල අයුරින්ද යන්නත් පිළිබඳව අදාල පාර්ශවයන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.
Leave a Reply