Lankatruth

Most Reliable News From Sri Lanka

  • Home
  • පුවත්
  • විදෙස් පුවත්
  • ක්‍රීඩා පුවත්
  • ආර්ථික පුවත්
  • කලා පුවත්
  • පරිසර
  • වීඩියෝ
  • English

එජාපයත් ආණ්ඩුවත් මුස්ලිම් ජනතාවට සිදුවන දේ ගැන බල බලා සතුටින් කල්ගත කරනවා – කුමාර් ගුරුබරන්

February 13, 2013 by Lanka Truth Leave a Comment

එජාපයත් ආණ්ඩුවත් මුස්ලිම් ජනතාවට සිදුවන දේ ගැන බල බලා සතුටින් කල්ගත කරමින් සිටින්නේයැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි කුමාර් ගුරුබරන් මහතා පවසා තිබේ. ඔහු ඒ බව පවසා ඇත්තේ කොළඹ 7, බාන්ස් පෙදෙසේ අසාත් සාලි පදනමේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඔහු එහිදී පවසා ඇති ප්‍රකාශය පහතින් පළවේ.

“විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්. ඔහු මේ පාර්ලිමේන්තුව සමඟ හැබෑටම හරි සතුටෙනුයි ඉන්නේ. ඒ වගේම තමයි මුස්ලිම්වරුනට සිදුවන දේවල් දෙස බලමින් ඔහු සතුටෙන් ඉන්නේ. පාර්ලිමේන්තුවේ සභානායක නිමල් සිරිපාල ද සිල්වා මේ සියල්ලම බොරුයි කියලා ප්‍රතික්‍ෂේප කරනවා. වෙච්ච දේ දැන දැනත් කිසිම දෙයක් වුණේ නැහැ කියලා ඔහු ප්‍රතික්‍ෂේප කරනවා. දඹුල්ලේ, අනුරාධපුරයේ වගේම මේ ළඟදි දෙහිවල සිද්ධි සේරම ඔහු ප්‍රතික්‍ෂේප කළා.

වාරිමාර්ග ඇමැති සිරිපාල ද සිල්වා මහතා කියන්නේ ඒ කිසිම දෙයක් වුණේ නැහැ කියලයි. ඒ වගේ වගකීමක් නැති ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමැතිවරයෙක් මේ රටේ ජනතාව මේ වගේ ආණ්ඩුවක් විශ්වාස කරන්නේ කොහොමද? මගේ කලින් නායකයා දිවංගත කුමාර් පොන්නම්බලම් මහතා නිතර කිව්වේ දේශපාලනඥයන් වශයෙන් අපි අපටම අවංක විය යුතු කියලයි.

මේ රට බහුජාතික බහු ආගමික රටක්. ඒ නිසා මේ රටේ සෑම ජන කොටසකටම සාමයෙන් ජීවත් වීමට අයිතියක් තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ මහතා කිව්වේ ආගමික අසහනයක් ඇති කිරීමට ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය සහ කෙටි පණිවුඩ සේවය (එස්.එම්.එස්.) ඔස්සේ කුමන්ත්‍රණයක් සිදුවන බවයි. එහෙම නම් ඒක රජය මැදිහත් වෙලා නවත්වන්න ඕනෑ. අපිට බොරු කියපු නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කතා අපි මුළුමනින්ම හෙළාදකිනවා යැයිද ගුරුබරුන් මහතා කීය.

Share on Facebook Share
Share on TwitterTweet
Share on Google Plus Share
Share on Pinterest Share
Share on LinkedIn Share
Share on Digg Share

Filed Under: පුවත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Who's Online

  • 0 Members.
  • 0 Guests.

පුවත් වෙබ් අඩවි

Sri Lanka Mirror

අද ‍දෙරණ

Daily Mirror

Lanka News Web

LBO

පුවත්පත්

මවිබිම

ලක්බිම

ලංකාදීප

Virakesari

Thinakkural

Dailymirror

විදෙස් පුවත්

BBC

CNN

Aljazeera

Reuters

New York Times

Associated Press

වෙනත්

Unions Lanka

Ethera Api 

leftlibrary.net

  • Blog
  • Home

© Copyright 2002 - 2017 Lanka Truth. All Rights Reserved.