
ෆේස් බුක් පරිශීලකයන්ගේ දත්ත පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා යොදාගත් බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු විමසීම සඳහා ලොව විශාලතම සමාජ ජාලයේ නියමුවා වන ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් මහතා සෙනට් මණ්ඩලය වෙත කැඳවා තිබූ අතර එහි ඔහු දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වී තිබේ.
විදෙස් වාර්තා අනුව ඇමරිකාවේ සෙනෙට් සභිකයන් හතලිස් දෙනෙකු පමණ මාර්ක් සකර්බර්ග් මහතාගෙන් පැය 10ක් පුරා ප්‍රශ්ණ කර ඇත.
ඇමරිකාවේ සෙනට් මණ්ඩලයේ ප්‍රශ්න කිරීම් හමුවේ මාර්ක් සකර්බර්ග් මහතා කෙටි සෘජු පිළිතුරු ලබා දී ඇති අතර එහිදී තම සමාගමට රුසියානු හැකර්කරුවන් විසින් එල්ලවන ප්‍රහාරත්, දත්ත සොරකම් කිරීම් වැනි නිරන්තර අභියෝගත් සම්බන්ධයෙන් ඔහු අනාවරණය කර තිබේ.
එවැනි දෑ තුළින් තම ෆේස්බුක් පරිශීලිකයින්ගේ දත්ත පිටතට යෑම සම්බන්ධයෙන් තමා සමාව අයැද සිටින බවත් ඒ සම්බන්ධයෙන් කනගාටුව පල කරන බවත් ප්‍රකාශ කර ඇත.
ෆේස්බුක් සමාගම නිරන්තරයෙන් තම පද්ධතීන් යාවත්කාලීන කරන බවත් පරිශීලිකයින්ගේ ආරක්ෂාව සහ තොරතුරු සම්බන්ධයෙන් ඔවුන් සමඟ වන පරිශීලක ගිවිසුම් මත බැඳී සිටින බවත් මාර්ක් සකර්බර්ග් මහතා සෙනට් සාමාජිකයින්ගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් පවසා තිබේ.
මෙලෙස ෆේස්බුක් නිර්මාතෘ සහ එහි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් මහතාගෙන් සෙනට් මණ්ඩල කිරීම් සිදුකරන අවස්ථාවේ ලෝක වෙළෙඳ පොල තුල ෆේස්බුක් සමාගමේ කොටස් මිල ඉහළ යෑම කැපී පෙනුනි. තම රටේ පුරවැසියෙකුට අයත් මෙන්ම ඇමරිකානු සමාගමක්ද වන ලොව අද්වීතිය සමාජ ජාලය වන ෆේස්බුක් වැඩි දියුණු කිරීම සඳහා එරට රජය අවශ්‍ය ආධාර සහ සහයෝගය ඉතා ඉහළින් ලබාදීමට තීරණය කර ඇති බවද වාර්තාවේ.
ලොව පුරා ෆේස්බුක් ගිණුම් හිමියෝ බිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් සිටිති.




Leave a Reply