
මෙවර මැතිවරණය සඳහා විවිධ අපරාධකරුවන් හා ස්ත්‍රී දූෂකයින් විශාල ප්‍රමාණයකට නාමයෝජනා හිමි වී ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.
මෙවර මැතිවරණයේ දී සිද්ධි 243ක් වාර්තා වී ඇති අතර ඉන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 287 ක් වාර්තා වි ඇති බව ද ඔහු සඳහන් කරයි.
මේ අතර වැඩිම සංඛ්‍යාවක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම වාර්තාවෙන්නේ දේශපාලන අරමුණු ඇතුව සංග්‍රහ කිරීම හා නීති විරෝධි ප්‍රචාරණ ක්‍රම යන ආකාරයන්ගෙන් බවද සඳහන් කරයි.
එමෙන්ම ඡන්ද දායකයාට මානසික අල්ලස් ලබා දීම විවිධත්වයෙන් යුතුව සිදු කිරීම මෙවර විශේෂත්වයක් වන බවත් එය ඡන්ද දායකයාට කරන නිග්‍රහයක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.
කෙසේ වෙතත් මැතිවරණ අපේක්ෂකයින් මැතිවරණ කොමිසමටත් රටේ නීතියටත් උඩින් කටයුතු කිරීමට උත්සාහ කරන්නේනම් ඔවුන් බලයට පැමිණිමෙන් කිසිදු වැඩක් ඉටු කර නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම මහජන නියෝජිතයින් ලෙස පත්වන කිසිදු අයෙකුට රජය සමඟ හෝ රජයේ ආයතනයක් සමඟ නිල ගනුදෙනුවක් සිදු කිරීමට හැකියාවක් නොමැති බවත් එවැනි අයට පළාත් පාලන මැතිවරණයකට ඉදිරිපත් වීමට ඉඩක් නොමැති බවද හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
ගමේ දී තේරා ගන්නා පුද්ගලයා පිළිබඳ විශාල ලෙස අවධානය යොමු කරන ලෙසද පැෆරල් සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Leave a Reply