සන්ධාන - එජාප හොර ව්‍යාපාරයේ මොරටුව මන්ත්‍රී අත්අඩංගුවට

ව්‍යාජ ලිපි ලේඛන ළඟ තබාගත් මොරටුව මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ නාගරික මන්ත්‍රී මැක්සි ජෙරාජ් ප්‍රනාන්දු මහතා ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

ඔහු මෙම ව්‍යාජ ලිපිලෙඛන සහ ව්‍යාජ රබර් සීල් යොදාගනිමින් නාගරික කොමසාරිස්වරයාගේ, වෙනත් නිලධාරීන්ගේ සහ නගරාධිපති, උප නගාරාධිපති යන අයගේ අත්සන් පවා ව්‍යාජ ලෙස යොදාගනිම්න් නිවාස ඉදිකිරීමේ සැලසුම් සහ වෙනත් ලේඛන වංචා සහගත ලෙස නිර්මාණය කර ඇත. ඒවා අනුමතකරදීමද සිදුකර තිබේ.

මීට අමතරව පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂකවරයෙකුගේ රබර් මුද්‍රාද ඔහු සතුව තීබී සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රී නිශාන්ත ප්‍රදිනාන්දු මහතා අප සමග දැකුවූ අදහස් අනුව අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා කාලයක සිට නගර සභාවේ ලේඛනාගාරයට අයත් ගොනැගිල්ලේ කාමරයක ලේඛනාගාරය නමින් නීතිවිරෝධී ලේකනාගාරයක් පවත්වාගෙන ගොස් ඇත. එයට විරුද්ධවත් මෙම මන්ත්‍රීවරයාගේ නීතිවිරෝධී ක්‍රියාවන්ට වි‍රුද්ධවත් ජවිපෙ මන්ත්‍රීවරයා දිගින් දිගමට අවස්ථා ගණනාවකදීම නගර සභාවේ විශේෂ ප්‍රකාශයන් සිදුකර ඇති බවත් "උනපඳුර යට කොමසාරිස්" නමින් එහිදී ඔහුට ආමන්ත්‍රණයකර ඇති බවත් පැවසීය.

ඊයේ (19) පෙරවරුවේ කාන්තාවන් දෙදෙනෙකු පැමිණ ගොඩනැගිලි සැලසුමක් ලබාදී එය අනුමත කරන ලෙස ඉල්ලා ඇත. මන්ත්‍රීවරයා විසින් ඉල්ලා ඇති එයට අවශ්‍ය මුදල්ද ලබාදී තිබේ. පසුව පැමිණි ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙම මන්ත්‍රීවරයා විසින් මීට පෙර නීතිවිරෝධී ආකාරයට අනුමතකරන ලද නිවාස සැලසුම් කිහිපයක් එක්තරා පිරිසක් විසින් අපරාධ විමර්ශන අංශ වෙත ලබාදී ඇතැයිද වාර්තාවේ.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා සමග තවත් පිරිසක් මෙයට සම්බන්ධ බවත් ඒ අතර නිලධාරීන් කිහිපදෙනෙකු හා ආණ්ඩු පක්ෂයේ ප්‍රබල බලධාරීන් කිහිප ‍දෙනෙකුම සිටින බවත් වාර්තාවේ.

සැකකරු අද (20) දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.

Add comment


Security code
Refresh

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/825882lalkantha.jpg

ලාල්කාන්ත

ජනතා හඬ, ජනතා බලය ගොඩනගන මැයි රැලියකට අපි සූදානම් See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details