නාවික හමුදාවේ 3ක් පොලිස් අත්අඩංගුවට

නාවික හමුදා සෙබළුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

කොළඹ වරාය පොලීසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වේ.

පොලීසිය මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ, අනවසර සංක්‍රමණිකයින් රැගෙන යමින් සිටිය දී නාවික හමුදා භාරයට ගෙන ඇති යාත්‍රා 5 ක් අධිකරණ නියෝග මත මෝදර ධීවර වරායේ ආරක්ෂිතව රඳවා ඇති අතර ඒවායෙහි සංඥා යන්ත්‍ර සොරකම් කිරීම සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයක දී නාවික හමුදා සෙබළුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

සොරකම් කර ඇති සංඥා යන්ත්‍රවල වටිනාකම රුපියක් දශ ලක්ෂයක් පමණ වන බවත් සැකකරුවන් සතුව තිබී සොරකම් කරන ලද සංඥා යන්ත්‍ර දෙකක් පොලීසිය භාරයට ගත් බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Add comment


Security code
Refresh

.
  •  jvp korea

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details