අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ලවෙලා - විජිත හේරත්

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ලවන බව මේ වනවිට තහවුරුවී ඇති බවත් එයට හොඳම උදාහරණය අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (19) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් පහත පළවේ.

"අධිකරණ සේවා කොමිසමේ ස්වාධීනත්වයට ඇඟිලිගහනවා, දේශපාලන බලපෑම් කරනවා කියලා ජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය නිවේදන නිකුත්කරන තත්වයට ඇවිල්ල තියෙවා.

ඒ වගේම අධිකරණ සේවා කොමිසමේ ලේකම් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙනවා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට බලපෑම් කරලා දේශපාලන මැදිහත්වීම් තුළින් අපේ තීන්දු තීරණ ආණ්ඩුවට ඕනි විදිහට ගන්න යනවා කියලා. අධිකරණ සේවා කොමිසමට විවිධ අයගෙන් බලපෑම් එල්ල වෙනවා කියලා. ඒ වගේම ඔහු සඳහන් කර තිබුණා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලා සාකච්ඡාවකට කැඳවීමේ සූදානමක් යම් ආයතනයකට තිබුණා. නමුත් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ එම ආයතනයට පහදා දීමෙන් එය නවතා දැම්මා කියලා. එහෙම නම් ඒක බරපතල අපරාධයක්. ඒ නිසා ඒක වහාම නතර කරන්න. මූල්‍ය ‍ක්ෂේත්‍රයේ සිද්ධවෙන ඒ අක්‍රමිකතා නතර කරන්න. ඒ සඳහා අධිකරණයේ ස්වාධීනත්වය කෙලසලා කරන බලපෑම් හරහා යම් උත්සාහයක නිරතවෙලා ඉන්නවනම් එය වහාම නතර කරන්න කියන බලපෑම අපි කරනවා."

Add comment


Security code
Refresh

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details