මිනිසාගේ අලූත් නෑයෙක් කොංගෝවෙන් හමුවේ

ප‍්‍රජාතන්ත‍්‍රවාදී කොංගෝ ජනරජයේ හුදකලා වනගත ප‍්‍රදේශයකින් නවතම වදුරු විශේෂයක් සොයාගැනීමට යෙල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කන්ඩායමක් සමත්ව තිබේ.

Cercopithecus lomamiensi යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලැබූ මෙම නවතම වදුරු විශේෂය පැහැදිලි මුහුණකින් සහ තඹ පැහැති හිස කෙස් වැටියකින් සහිත වන අතර ලැජ්ජාශීලි සහ නිශ්ශබ්ද සත්ව විශේෂයක් බව පැවසේ. වැඩිපුර පලතුරු සහ කොළ වර්ග ආහරයට ගන්නා මෙම වදුරු විශේෂය පස් දෙනෙකුගෙන් පමණ සමන්විත කුඩා කන්ඩායම් වශයෙන් ජීවත් වන අතර ප‍්‍රමාණයෙන් ඉතා කුඩා ගහණයක් පමණක් සිටින නිසා දැඩි ලෙස වදවීයාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව කාන්ඩයට ඇතුලත් කර ඇති බව මෙම විශේෂය සොයා ගත් පර්යේෂකයෝ පවසති.

1984 වසරේදී ගැබෝන් හිදි  නව වදුරු විශේෂයක් සොයාගැනීමෙන් වසර 28 කට පසුව අපි‍්‍රකානු මහාද්වීපයෙන් සොයා ගනු ලැබූ දෙවන වදුරු විශේෂය මොවුන් බව ලෝක වන සත්ව සංවිධානය පවසයි.

Add comment


Security code
Refresh

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/825882lalkantha.jpg

ලාල්කාන්ත

ජනතා හඬ, ජනතා බලය ගොඩනගන මැයි රැලියකට අපි සූදානම් See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details