‍‍ෆේස් බුක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග සාකච්ඡා අරඹනවා - NTUC

විශ්ව විද්‍යාල ආචාර්ය සටන ශක්තිමත්කිරීම අරමුණු කරගනිමින් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික මෙහෙයුම් කමිටුව තීරණය කර තිබෙන බව එම මධ්‍යස්ථානයේ කැඳවුම්කරු සමන්ත කෝරළේ ආරච්චි මහතා පැවසීය.

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මූලික ඉල්ලීම් 6 ක් පදනම් කරගනිමින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට දින 50 කට අධික කාලයක් ගතවී තිබුනද රාජපක්‍ෂ ආණ්ඩුව එය විසඳීම සඳහා විධිමත් මැදිහත්වීමක් නොකරන තත්වයක් පෙනෙන්නට තිබෙන හෙයින් මෙලෙස තම මධ්‍යස්ථානය එයට සහාය පලකරමින් මැදිහත්වීමට තීරණය කර ඇති බවත් එබැවින් වර්තමානයේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ මතු වී තිබෙන විවිධ අර්බුද පිළිබඳවත් සරසවි ආචාර්යවරුන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

ඒ අනුව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් තවත් වෘත්තීය සමිති නායකයින්ගේ සහභාගීත්වයෙන් හෙට (29) කොළඹදී මෙම සාකච්ඡාව පැවැත්වීමට තීරණය කර ඇති බවද ඔහු පැවසීය.

Add comment


Security code
Refresh

බැනරය

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/5321844667.jpg

අය-වැයට එරෙහිව

අඹුඩේ පිටින් අපි අවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/3346710313.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/9760134624.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/5344674634.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

Facebook