සේවකඅයිතීන් කප්පාදුවට සුභපතා රු.මි. 3.6ක බැනර් සමෘද්ධියෙන් - චාමර

නව දිවිනැගුම පනත වෙනුවෙන් ආණ්ඩුවට සුභ පැතීමට ඩිජිටල් බැනර් වෙනුවෙන් රුපියල් මිලියන 3.6ක විශාල මුදලක් වියදම් කිරීමට එරෙහිව විරෝධය දක්වන බවත් නව පනත මගින් සේවක අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත් සඳහන් කරමින් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර සිටී.

එම සංගමයේ ප‍්‍රධාන ලේකම් චාමර මද්දුම කලුගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ "සමෘද්ධි අධිකාරිය ඇතුඵ ආයතන 03 ඒකාබද්ධ කරමින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කිරීම සදහා දිවිනැගුම නම් වු පනතක් ආණ්ඩුව විසින් 2012-08-10 දින පර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම වෙනුවෙන් ආණ්ඩුව වෙත සුභ පැතුම් එක් කිරීම සඳහා ශී‍්‍ර ලංකා සමෘද්ධි අධිකාරියේ රුපියල් මිලියන 3.6 විශාල මුදලක් වියදම් කිරීම අප සංගමය තරයේ හෙලා දකිමු. ශ‍්‍රී ලංකා සමෘද්ධි අධිකාරීයේ සාමාන්‍යාධිකාරී සී. ඞී. කථආරච්චි මහතාගේ අත්සනින් යුතුව 2012. 08. 10 දිනැති ස/අධි/13/ප‍්‍රතිපාදන, යන යොමු අංකය යටතේ සංවර්ධන වැඩසටහන් සදහා මාධ්‍ය කටයුතු මෙහෙයවීම යන හිසින් යුතු ලිපියට අනුව රුපියල් ලක්‍ෂ 25 හා පෝෂණ වැඩ වැඩසටහන සදහා පත‍්‍රිකා මුද්‍රණය යන හිසින් යුතු ලිපියට අනුව රුපියල් ලක්‍ෂ 11 ක් දිවයිනේ සියලුම දිස්ත‍්‍රීක්කයන් වෙත මුදල් නිකුත් කර ඇත. නිකුත් කරන ලද එම ලිපි වලට ආවරණය වී දිස්ත‍්‍රික්කවල ආණ්ඩුවේ දේශපාලන උවමනාව ඉටු කර ගැනීම සදහා තාවකාලික තනතුරු නාමයකට බදවාගෙන ඇති දිස්ත‍්‍රික් සමෘද්ධි සම්බන්ධීකරණ නිලධාරීන් මගීන් දිස්ත‍්‍රික්කයට අදාල ඩිජිටල් බැනර් මුද්‍රණය කරවා ගෙන මේ වන විටත් දිවයිනේ සියලුම සමෘද්ධි බැංකු ඇතුලු ඊට අදාල කාර්යාල වල ප‍්‍රදර්ශණය කරීමට බෙදා දී ඇත.

දිලිඳු බවින් ජනතාව මුදවා ගැනීම සදහා ශ‍්‍රි ලංකා සමෘද්ධි අධිකාරිය වෙත වෙන් කර ඇති මුදලින් රුපියල් මිලියන 3.6 තරම් අති මහත් මුදලක් ආයතනයේ මුඛ්‍ය පරමාර්ථයට පටහැනිව ආණ්ඩුවේ ප‍්‍රතිරූපය ගොඩනගා ගැනීම වෙනුවෙන් නාස්ති කිරීම යුක්තිය සාධාරණත්වය අගයන කිසිඳු සිවිල් පුරවැසියෙකු මෙන්ම සමෘද්ධි සේවකයින්ද පිළිකුල් සහගතව හෙලා දකින බව මෙයින් ප‍්‍රකාශ කර සිටිමු. සේවකයින් හට පවතින සේවා ගැටලු විසඳීමට මුදල් නොමැති බව පවසන පාලනාධිකාරිය මෙවැනි නාස්තිකාර වියදම් කරන්නේ කවර පදනමකින්ද යන්න අප ඔවුන්ගේන් ප‍්‍රශ්ණ කර සිටිමු. තවද ආයතනය සතු මහජන මුදල් මෙවැනි නාස්තිකාර වියදම් සදහා ආයතන ප‍්‍රධානීන් විසින් වියදම් කරන්නේ කවර පදනමකින්ද යන්න අප විගණකාධිපතිවරයාගෙන් මෙයින් වැඩිදුරටත් විමසා සිටිමු.

සමෘද්ධි බැංකු අනාරක්‍ෂිත කිරීම හා සමෘද්ධි සේවක අයිතීන් කොල්ල කෑමේ අදිටනින් සම්මත කර ගැනීමට උත්සහ කරන ලද දිවිනැගුම පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත 2012. 08. 16 දින ගොනු කරන ලද නඩුවට කිපී ඇති බලධාරීන් මෙන්ම ආණ්ඩුවට ගැති වෘත්තීය සමිති සියල්ල අප සංගමයට විරුද්ධව නගන අවලාද තරයේ හෙලා දකින අතර සියලුම සමෘද්ධි සේවකයින්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා නීතිය ඉදිරියට ගොස් ගැටලු විසඳා ගැනීමට නඩු පැවරීමට හැකිවීම සමස්ථ සමෘද්ධි සේවකයින් ලද ජයග‍්‍රහණයක් බව අප සංගමය සිතමු. සේවකයින්ගේ අයිතිවාසිකම් පාවාදීමට බලධාරීන් විසින් සංවිධානය කරන මාධ්‍ය සාකච්ඡ වලට පැමිණ  අවලාද නැගීම නවතා සේවකයින් ඉදිරියට පැමිණ අප සංගමය විසින් ගොණු කරන ලද නඩුවේ නඩු නිමිතිවලට පිළිගතහැකි සාධක සහිත පිළිතුරු සපයන ලෙසට අප ඔවුන් වෙත අභියෝගද කර සිටිමු."

Add comment


Security code
Refresh

.
  •  jvpkorea

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details