ඊලග ඔලිම්පික් උළෙල යොහාන් බ්ලේක්ටයි , මම එන එක ෂුවර් නෑ - උසේන් බෝල්ට්

ලොව වේගවත්ම මිනිසා ලෙස කිරුළු පැළදි උසේන් බෝල්ට් ඇතුළු ජැමෙයිකානු සහාය දිවීමේ කන්ඩායම ලන්ඩන් ඔලිම්පික් උළෙල තව තවත් වර්ණවත් කරමින් 4x100 සහාය දිවීමේ ඉසව්ව ලෝක වාර්තාවක්ද තබමින් ජයග‍්‍රහණය කරමින් ලොව වේගවත්ම ධාවකයන්ගේ රට ලෙස කිරුළු දරණ ජැමෙයිකාවට තවත් රන් පදක්කමක් එක් කරන ලදි.

පිරිමි  4x100 සහය දිවීමේ ඉසව්ව තත්පර 36.84 ක වාර්තාගත කාලයකින් නිමා කරමින් ලෝක වාර්තාවක් තැබූ ජැමෙයිකානු සහාය දිවීමේ කන්ඩායමේ සාමාජික උසේන් බෝල්ට් මෙම ඉසව්වෙන් ලැබූ රන් පදක්කමත් සමගම ඔලිම්පික් රන් පදක්කම් 6 ක් දිනා ගැනීමට සමත්ව සිටි.

තරගයෙන් අනතුරුව සිය අනාගත කී‍්‍රඩා ජීවිතය ගැන මාධ්‍යයට අදහස් පල කල මෙම 26 හැවිරිදි විශිෂ්ට ධාවකයා පැවසූයේ තම සහෝදර කී‍්‍රඩක යොහාන් බ්ලේක් ඉතාමත් හොදින් ධාවනයේ යෙදෙන බවත් , 2016 රියෝ ඔලිම්පික් උළෙල යොහාන් වැනි තරුණ කි‍්‍රඩකයන් සදහා අවස්ථාව වන බවත් එහෙයින් ඊලග ඔලිම්පික් උළෙලේ තම සහභාගීත්වය අවිනිශ්චිත බවත් ය.

Add comment


Security code
Refresh

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details