"Z" අවුල වහා විසඳනු ! අසාධාරණයට පත් සියළු සිසුන්ට සාධාරණය ඉටු කරනු ! - ජවිපෙ

"Z" අවුල වහා විසඳන ලෙසටත් අසාධාරණයට ලක්වූ සියළු සිසුන්ට සාධාරණය ඉටු කරන ලෙසටත් බල කෙරෙන උද්ඝෝෂණයක් අද (08) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත්වින. ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණ අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මෙහිදී මාධ්‍යවේදීන් ඇමතූ අතර ඒ මහතා දැක්වූ අදහස් පහත පළවේ.

" 2011 වසරේ උසස් පෙළ ලියපු තරුණ තරුණියන්ගෙ අනාගතය මුළුමුණින්ම විනාශ කරල තියෙනව. මේ Z අවුල ඇතිකළේ මේ ආණ්ඩුව. අද ආණ්ඩුව උත්සාහ කරන්නේ මෙහි වරද උසාවියට පටවල මේ වරදින් ගැලවිලා තමන්ගේ ඇඟ බේරගන්න. ඒ නිසා අපි ආන්ඩුවට කියනවා වහාම මේ වැරැද්ද තමන්ගෙ අතින් වුනායි කියන එක පිළි අරගෙන වහාම මෙය නිවැරදි කරන්න මැදිහත්වෙන්න කියලා.

බොරු වාර්තා, බොරු කමිටු කැඳවල, උසාවිවලට ගිහිල්ල ප්‍රශ්නෙ තවත් දික්ගස්සන්නෙ නැතුව ආණ්ඩුවට හැකියාව තියෙනව මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න. අද විශ්වවිද්‍යාල වරම් අහිමිවෙච්ච A3 ලබා ගත්ත ශිෂ්‍යයෝ දහස් ගානක් මහ පාරට ඇද වට්ටල තියෙනව. ඒ වගේම පහුගිය ප්‍රතිඵලවලින් වෛද්‍ය පීඨයට ඉංජිනේරු පීඨයට තේරීපත්වෙච්ච ශිෂ්‍යයෝ අද තමන්ගෙ පීඨයන් වෙනස්වෙලා මාරුවෙලා ගැටළුවකට මුහුණදීල ඉන්නව. ඒ නිසා විශාල අසාධාරණයකට ලක්වෙලා තියෙනව. ඒ නිසා පීඨයන් වෙනස් වෙච්ච ශිෂ්‍යයන්ට සාධාරණය ඉස්ඨකරන්න, විශ්වවිද්‍යාල වරම් අහිමිවෙච්ච සියළු ශිෂ්‍යයන්ට ඒ වරම් ලබා දෙන්න. ඒ කියන සෑම සියළු සාධාරණයක්ම ඉටු කරන්න ආණ්ඩුවට වගකීමක් තියෙනව. ඒ නිසා අපි ආණ්ඩුවට කියනව රටේ දරුවන්ගෙ අනාතගය විනාශකරන්නෙ නැතුව, බොරු කමිටු පත් කරන්නෙ නැතුව, බොරු වාර්තා කැඳවල ගැටළුව දිග්ගස්සනෙ නැතුව මෙයට වහාම විසඳුමක් දෙන්න. ආණ්ඩුවට හැකියාව තියෙනවා මේ මේ සඳහා විසඳුමක් දෙන්න. විශ්වවිද්‍යාල මදිනම් විශ්වවිද්‍යාල අළුතින් ඇති කරන්න පුළුවන්. විශ්වවිද්‍යාල අළුතෙන් ආරම්බ කරල හරි මේ ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කරන්න ඕනෙ.

අද විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු මහපාරට ඇද වට්ටල තියෙනව. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ අද අනාත වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් තියෙන A3 ලබා ගත්ත ශිෂ්‍යයෝ සෝ සුසුම් හෙළනව, කඳුළු හළනව, වහ බොනව, ඒ තත්වෙට පත්වෙලා තියෙනව. අද ඔවුනුත් මහපාරට වට්ටල තියෙනව.

හරියටම ගත්තොත් මේ රාජපක්ෂ පාලනය පටන් ගත්ත ‍2005න් පස්සෙත් මේ රටේ අධ්‍යාපනයට වෙන්කරන මුදල් කප්පාදුකරන්න පටන් ගත්ත. විශ්වවිද්‍යාලවලට, පාසල්වලට වෙන්කරන මුදල් දිගින් දිගටම මේ රාජපක්ෂ ආණ්ඩුව කප්පාදු කරනව. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ Z සූත්‍රය ආවෙ. Z සූත්‍රය ආවෙත් විශ්වවිද්‍යාලයට තේරිච්ච ළමයි විශ්වවිද්‍යාලයට තෝරගන්නව වෙනුවට ඔවුන්ගේ ඒ විශ්වවිද්‍යාල සුදුසුකම කප්පාදුකරන්න තමයි. ඒ සූත්තරෙත් අද අවුලක් වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නෙ අවුල් කරපු ආණ්ඩුවට ප්‍රධාන වගකීමක් තියෙනව කල් නොදමා මේ ශිෂ්‍යයන්ගෙ අනාගතය විනාශ කරන්නෙ නැතුව මෙයට විසඳුම් ලබා දෙන්න.

ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා Z අවුල වහා විසඳනු ! අසාධාරණයට ලක්වෙච්ච සියළු සිසුන්ට සාධාරණය ඉටු කරනු ! මේ රටේ අධ්‍යාපනය ආරක්ෂා කරගන්න. මේ රටේ දුක්විඳින ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා විශ්වවිද්‍යාල පමනක් නෙවෙයි ඔබේ දරුවාගේ පාසලේ, ඔබේ දරුවාගේ අධ්‍යාපනයේ ඒ අයිතිය රැකගන්න එකතුවෙන්න, සංවිධානය වෙන්න. මේ ආණ්ඩුවට බල කරන්න මේ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ නොකර රටේ අධ්‍යාපනය ආරක්ෂා කරන්න මැදිහත්වෙන්න බල කරන්න. මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවාසංවිධානය වෙන්න එකතුවෙන්න කියල.

Add comment


Security code
Refresh

.
  •  syu

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/825882lalkantha.jpg

ලාල්කාන්ත

ජනතා හඬ, ජනතා බලය ගොඩනගන මැයි රැලියකට අපි සූදානම් See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details