A/L කඩඉම් ලකුණට වාරණයක්

2011 වසරේ උසස්පෙළ ලියූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සරසවියට බඳවාගැනීමේ කඩඉම් ලකුණූ නිකුත්කිරීම වාරණය කරමින් අද (06) අගවිනිසුරු ශිරාණි බන්ඩා‍රනායක මහත්මිය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

එම නියෝගය නිකුත් කරනු ලැබූවේ 2011 උසස්පෙළ අසාධාරණයට පත් ශිෂ්‍ය එකමුතුව විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීය.

එහිදී අගවිනිසුරුවරිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අවධාරණය කර සිටියේ, පැරණි සහ නව නිර්දේශ යටතේ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වෙන වෙනම "Z" අගයන් නිකුත් කර වෙන වෙනම බඳවා ගන්නා ලෙස ලබා දුන් නියෝගය ඔවුන් නොසලකා‍ කටයුතු කර ඇති බවය.

එම නිසා අගෝස්තු 30වනදාට ප්‍රථම විශ්වවිද්‍යාලයට සමත්ව ඇති සියලූම ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් සකසා අධිකරණට ඉදිරිපත්කරන ලෙසත් කඩඉම් ලකුණු නිකුත් කිරීමට ලබාදුන් අධිකරණ නියෝගය අදාල නඩුවිභාගය අවසන් වන තුරු බලපැවැත්වෙන බවත් අගවිනිසුරුවරිය පැවසීය.

අගෝස්තු 30වනදා නැවත මෙම නඩුව කැඳවීමට නියමිතය.

Add comment


Security code
Refresh

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details