මුස්ලිම් කොංග්‍රසය නැගෙනහිරට වෙනම - උතුරු මැදට එකට

ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී තමන් නැගෙනහිර පළාත් සභාව සඳහා වෙනමත් උතුරු මැද පළාත් සභාව සඳහා ආණ්ඩුව සමග එක්වත් ඉදිරිපත් වන බව මුස්ලිම් කොංගුසය පවසා ඇත.

ඊයේ (18) අරලියගහ මන්දිරයේ දී ජනාධිපතිවරයා  හමුවී මෙම තීරණය ගත් බව මුස්ලිම් කොංග්‍රස් නායක ඇමති රාවුෆ් හකීම් මහතා පවසා ඇත. මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ නැගෙනහිර පළාත සඳහා ආණ්ඩුව සමග එකට ඉදිරිපත්වීමට කළ සාකච්ඡාවලදී තමන් බලාපොරොත්තු වූ ප්‍රමාණයට අපේක්ෂක සංඛ්‍යාවක් සඳහා අවස්ථාව නොලැබීමෙන් වෙනම තරග කිරීමට තීරණය කළ බවයි. එහෙත් තම පක්ෂය උතුරු මැද පළාත සඳහා ආණ්ඩුව සමග එක්ව මැතිවරණයට ඉදිරිපත් වන බවද පවසා ඇත.

මුස්ලිම් කොංග්‍රසය නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමති ධූරය ඉලක්ක කරගනිමින් මෙලෙස වෙනම තරග කිරීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර ඇත.

Add comment


Security code
Refresh

.
  •  jvp korea

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details