උතුරු කොරියානු නායකයා පසුපස අද්භූත තරුණියක්

පසුගිය වසර කිහිපය පුරාවට උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන පිළිබද තදබල ලෙස ප‍්‍රශ්න කල දකුණු කොරියානු සහ බටහිර මාධ්‍යයන් උතුරු කොරියාව සම්බන්ධ තවත් අද්භූත මාතෘකාවක් කරලියට රැගෙන විත් ඇත.
එනම් උතුරු කොරියානු නව නායක කිම් ජෝන්ග් උන් පසුපස සැරිසරන අද්භූත තරුණියක් පිළිබද සිදු කරන විමර්ශණයයි.
හිටපු උතුරු කොරියානු නායක කිම් ඉල් සුන්ග් සැමරුම් වැඩසටහනකට සහභාගී වෙමින් සිටි තරුණ කිම් ජෝන්ග් උන් අසලින් කළු පැහැති ගවුමකින් සිරසී රැදී සිටින තරුණියකගේ ඡයාරූපයක් මාධ්‍ය හරහා පල වීමෙන් පසු මෙම අද්භූත තරුණියගේ වගතුග සෙවීම දකුණු කොරියාව ප‍්‍රමුඛ බටහිර මාධ්‍යයන් විසින් අරඹා ඇත.
උතුරු කොරියානු නායකයා සහභාගී වූ ප‍්‍රසංගයකටද මෙම අද්භුත තරුණිය ඔහු පසුපසින් ගමන් කරණු රූපවාහිනි තිරය හරහා දිස්වූ බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි.
කළු පැහැති ගවුමකින් සැරසී සිටින මෙම අද්භුත තරුණිය උතුරු කොරියානු නායකයාගේ බිරිද විය හැකි බවට සමහර මාධ්‍ය වාර්තා කරත්දී ඇය ඔහුගේ බාල සොහොයුරි විය හැකි යැයි ඇතැමුන් අනුමාන කරයි.
උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩ සටහන පිළිබදව මෙන්ම කිම් ජෝන්ග් උන් පසුපස යන අද්භූත තරුණිය පිළිබදව නොයෙකුත් අදහස් පල කරන බටහිර මාධ්‍යයන්ට උතුරු කොරියානු නායකයාගේ වයස වත් නිවැරදිව කීමේ හැකියාවක් නැතැයි මැදහත් දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

Add comment


Security code
Refresh

.
  •  jvp korea

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details