ලෝ පතල සාහිත්‍යධරයා අමතක විමේ රෝගයෙන් පෙළේ

නොබෙල් ත්‍යාගලාභී ලෝ සුප‍්‍රකට ගත් කරුවෙකු වන ගබ්රියෙල් ගාර්ෂියා මාර්ක්වේස් මතක ශක්තිය හීන වීමේ රෝගයෙන් පෙළෙන බව ඔහුගේ සොහොයුරා පවසයි.
කොළොම්බියාවේ දී ශිෂ්‍යයන් වෙනුවෙන් පැවැත්වූ දේශනයකදී අදහස් දැක්වූ මෙම අසහාය සාහිත්‍යවේදියාගේ බාල සොහොයුරා වැඩිදුරටත් පැවසූයේ මෙක්සිකෝවේ වෙසෙන තම සහෝදරයා සමග තමන් නිරන්තර සම්බන්ධතාවයක් පවත්වන බවත් ඔහු මනා ශරීර සෞඛ්‍යයෙන් යුක්ත වූවත් ඔහුගේ මතක ශක්තිය ඉතාමත් දුර්වල අඩියකට වැටි ඇති බවත්ය.
මේ වන විට 85 වන වියේ පසුවන ඉන්ද්‍රජාලික යතාර්ථවාදයේ පියා ලෙස සැලකෙන ගබ්රියෙල් ගාර්ෂියා මාර්ක්වේස් 1982 වසරේදී සහිත්‍යය සදහා වන නොබෙල් තා්‍යගය දිනා ගත් අතර ඔහුගේ කෘති අතර අතිමහත් ජනප‍්‍රසාදයක් දිනා ගත් හුදකලාවේ සියවසක් නැමැති සාහිත්‍ය කෘතිය ලොවපුරා පිටපත් මිලියන 30 කට වඩා අලෙවි වී ඇති අතර භාෂා 30 ට පරිවර්තනය වී ඇත.

Add comment


Security code
Refresh

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/825882lalkantha.jpg

ලාල්කාන්ත

ජනතා හඬ, ජනතා බලය ගොඩනගන මැයි රැලියකට අපි සූදානම් See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details