SLPL වලට නවසීලන්තෙත් බෑ කියයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සහ සමර්සෙට් එන්ටර්ටේන්මන්ට්ස් ආයතනය එක්ව සංවිධානය කරන SLPL 2012 20-20 කි‍්‍රකට් තරගාවලිය සදහා නවසීලන්ත කි‍්‍රඩකයන්ද සහභාගී කල නොහැකි වනු ඇතැයි නවසීලන්ත කි‍්‍රකට් පාලක මන්ඩලය ප‍්‍රකාශ කරයි.
SLPL තරගාවලිය පැවැත්වීමට තීරණය කර ඇති කාලසීමාවේදීම ඉන්දියා - නවසීලන්ත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියක් පැවැත්වෙන හෙයින් නවසීලන්ත සුපිරි කී‍්‍රඩකයන් වන බ්‍රෙන්ඩන් මැකලම්, ඩැනියෙල් විටෝරි, රෝස් ටේලර් වැනි කී‍්‍රඩකයන්ගේ සේවය SLPL සදහා ලබා ගත නොහැකි වනු ඇත.
2011 වසරේදි ප‍්‍රථම වරට පැවැත්වීමට සූදානම් වූ SLPL 20 - 20 තරගාවලිය සදහා ඉන්දීය කි‍්‍රඩකයන් සහභාගි නොකරන බවට ඉන්දීය කි‍්‍රකට් පාලක මන්ඩලය පැවසීමෙන් පසුව 2011 වසරේ තරගාවලිය පැවැත්වීමට නොහැකි වූ අතර මේ වසරේ තරගාවලිය සදහා ද තම රටේ කී‍්‍රඩකයන් සහභාගි කල නොහැකි බවට ඉන්දීය කි‍්‍රකට් පාලක මන්ඩලය ප‍්‍රකාශ කර ඇත.

Add comment


Security code
Refresh

.
  •  mahindata baha

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details