දිනේෂ්ට මින්පසු එංගලන්තයේ සෙල්ලම් බෑ

තරග පාවාදීම සදහා අනුබලදීමේ චෝදනාවකට වරදකරු බවට සනාතවිම හේතුවෙන් පකිස්තානු කී‍්‍රඩක දිනේෂ් කනේරියා හට ජීවාතාන්තය දක්වා තරග තහනමක් පැනවිමට එංගලන්ත කි‍්‍රකට් සභාව පසුගියදා තීරණය කලේය.
ඒ අනුව 30 හැවිරිදි වියේ පසුවන දිනේෂ් කනේරියා හට එංගලන්තයේ හෝ වේල්ස් හී පැවැත්වෙන කිසිදු කි‍්‍රකට් තරගයකට මින් ඉදිරියට සහභාගි විය නොහැක.
එංගලන්ත ප‍්‍රාන්ත තරගාවලිය සදහා මිඞ්ල්සෙක්ස් ප‍්‍රාන්ත කන්ඩායම නියෝජනය කරන කනේරියා 2009 වසරේ ඩර්හැම් ප‍්‍රාන්ත පිල සමග පැවති තරගයකදී තම පිලේ කි‍්‍රඩකයෙකු වන මර්වින් වෙස්ට්ෆීල්ඞ් හට කී‍්‍රඩා මූලධර්ම උල්ලංඝනය වන ලෙස කී‍්‍රඩා කිරීමට අනුබල දැනු ලැබුවැයි චෝදනාවට ලක්විය.
 තමන්ට එරෙහිව නගා ඇති චෝදනා ඔප්පු කිරිම සදහා කිසිදු සාක්ෂියක් නොමැතිව මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් විරෝධය පල කරන බව පවසන පකිස්තානු කි‍්‍රඩකයා තමන් කී‍්‍රඩාවට දැඩිව ආදරය කරන අවංක පුද්ගලයෙකු බව අවධාරනය කර කියා සිටි.

Add comment


Security code
Refresh

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/825882lalkantha.jpg

ලාල්කාන්ත

ජනතා හඬ, ජනතා බලය ගොඩනගන මැයි රැලියකට අපි සූදානම් See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details